ලංකාවම කතා කරපු හැමෝම උදවු කරපු මුහුණු පොත කැළඹු පුංචි දියණියගේ සැත්කම සාර්ථක වෙයි

ලංකාවම කතා කරපු හැමෝම උදවු කරපු මුහුණු පොත කැළඹු පුංචි දියණියගේ සැත්කම සාර්ථක වෙයි
Spread the love

“අපි දෙන්නම ඔයලාට දණ ගහලා වදිනවා..”

“අපි හැමෝටම ණය ගැතියි..”

පසුගිය දිනවල ෆේස්බුක් තුළ කතාබහට ලක්වුණු පුංචි සිඟිත්තියක් ගැන බොහෝ පිරිසකගේ අවධාන යොමු වී තිබුණා.

ටෙනාරා මිහෙළි මේ පුංචි දියණිය ගැන හැමෝම කතා කරන්න ගත්තේ ඇගේ පියා මුහුණු පොතට එක්කළ හිත් කම්පා කරන සටහනක් නිසයි.

මේ පුංචි දියණිය අවුරුදු 4 සම්පූර්ණ වෙද්දි නොසිතූ ලෙස හෘද රෝගයකට ලක් වෙලා තියෙනවා.

දුවගේ සැත්කම කෙටි කාලයක් තුළ කරන්න ඕන කියලා වෛද්‍යවරුන් කියලා ඉතින් මේක ශෛල්‍ය කර්මය කරන්න ලක්ෂ 08ක් වගේ විශාල මුදලක් අවශ්‍ය වන බව වෛද්‍යවරුන් කියලා.

ඒත් ඒ තරම් මුදලක් හොයාගන්න තරම් ඒ දෙමව්පියො පොහොසත් නෑ.

මේ දූගේ පියා ඇගලුම් ආයතනයක පුන්චි රැකියාවක් කරන්නේ. ලක්ශ 8ක් කියන්නේ ඒ තාත්තට විශාල මුදලක්.

මේ තාත්තා දුව වෙනුවෙන් ෆේස්බුක් ගිණුමට මුදා හැර සංවේදී සටහන නිසා සැත්කමට අවශ්‍ය මුදල් ලැබිලා දියණියට සිදු කිරීමට නියමිතව තිබු සැත්කමත් ඊයේ සිදු කළා. සැත්කම සාර්ථක බවත් දියණිය නිරෝගී සුවයෙන් සිටින බවත් ඔහු යළිත් මුහුණු පොතට සටහනක් තබනවා.

“අපි දෙන්නම ඔයලාට දණ ගහලා වදිනවා. මම හා බිරිද ඔයාලට ණය ගැතියි, මගේ දුව බේරලා දුන්නාට ගොඩක් පිං..මගේ සතුට මට ඔයාලා දුන්නා..”