ජනපති නියෝගයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්…..

ජනපති නියෝගයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්…..
Spread the love

අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනපතිගෙන් උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපති ලේකම්වරයා  වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

හෙළ සිනමා වංශකතාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා අභාවප්ප්‍රාප්තවී තිබෙනවා. මිය යන විට එතුමා අවුරුදු 99 ක් වුනා.

1919 වර්ෂයේ අප්‍රේල් මස 05 වෙනිදා කොළඹදී උපත ලැබූ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා සිය අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත පිතර් විදුහලෙන්. අවුරුදු 17 දී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා මාධ්‍යවේදියෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලබනවා.

පසුව 1947 වසරේදී සිය මවගේ උපදෙස් මත එංගලන්තය බලා යන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා එහිදී සිනමාව පිළිබඳව ඉගෙන ගන්නා අතර එහිදී මුණගැසෙන තවත් ශ්‍රී ලාංකිකයෙක් වන හර්වුඩ් ජෑන්ස් සමග එක්ව සිය පළමු කෙටි සිනමා චිත්‍රපටය 1949 වසරේදී නිපදවන අතර එයට සම්මානයක්ද හිමිවුවා.

පසුව 1952 වසරේදී යලි සිය රට බලා  පැමිණෙන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා, 1956 වසරේදී සිය පළමු චිත්‍රපටය ලෙස “රේඛාව” නිර්මාණය කරමින් හෙළ සිනමාවට පාතබනවා. එම චිත්‍රපටය දේශීය මෙන්ම විදේශීයවද ගෞරවයට පාත්‍රවනවා. මෙරට සිනමාවේ චිත්‍රාගාරයකින් පිට රූගත කල පළමු චිත්‍රපටය ලෙස හදුන්වන්නේ ” රේඛාව” චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය 1957 වසරේදී අන්තර්ජාතික කෑන්ස් සිනමා උළෙලේ  Palme d’Or සම්මානය සඳහා නිර්දේශ වුවා. 

1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කරනු ලබන මාර්ටින් වික්‍රමසිංහ ශුරින් විසින් රචිත “ගම්පෙරළිය” චිත්‍රපටයට සරසවි සිනමා උළලේ හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය හිමිවන අතර එම චිත්‍රපටය 3 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලද නියෝජනය කරනු ලබනවා.

මෙරට සිනමාවට දයාද රැසක් තිලින කර දුන් අචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කරණ ලද චිත්‍රපට හා කෙටි චිත්‍රපටි සංඛ්‍යාව 25 කට අධිකයි.

හෙළයේ මහා සිනමාවේදියාණනි ඔබට අප නිවන් සුව පතන්නෙමු….!!!

(මුලාශ්‍රයන් විකිපීඩියා ඇසුරෙන්)