වේගයෙන් ගිය තරුණයා ලයිට් කණුවේ ගැටී මරු තුරුලට… අසරණ මව ලයිට් කණුව බදා වැළපෙයි

වේගයෙන් ගිය තරුණයා ලයිට් කණුවේ ගැටී මරු තුරුලට… අසරණ මව ලයිට් කණුව බදා වැළපෙයි
Spread the love

යතුරුපැදිය එහෙම නැත්නම් සරළව කියනවා නම් බයික් කියන්නේ කොල්ලන්ගේ පිස්සුම වාහනයක් තමයි.

ඒත් ඒ පිස්සුම වාහනේ අන්තිමේදී හැමෝවම පිස්සු වට්ටන්නේ වචනයකින්වත් ඒ දුක කියාගන්න බැරි විදිහටයි.

මරණය…..

යතුරුපැදි වලින් අධික වේගයෙන් ආසාවෙන් යන හුගක් තරුණයන්ගේ ජීවිත කෙළවර වන්නේ චන්දුලට වෙච්ච විදිහටමයි.

චන්දුලගෙත් ආසම වාහනේ එහෙමත් නැත්නම් කොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් ආසම වන්ඩිය තමයි බයික් එක.

බයික් එකෙන් එක එක වැඩකෑලි දාපු තරුණ චන්දුල හදිසියේම ජීවිතයෙන් සමුගත්තා.

ඒ වෙන මොනම ලෙඩකින්වත් නෙමෙයි වේගය නිසයි.

අධික වේගයෙන් යතුරුපැදිය පැදවූ චන්දුලට වේගය පාලනය කරගත නොහැකිව ලයිට් කණුවේ හිඩස තුළටම ගොස් සිරවෙලා තියෙනවා.

මීගමුවේ සිද්ධ වෙච්ච මේ අනතුරේ තවත් කාන්තාවක් ද තුවාල ලබලා තියෙනවා.

ඒත් ඇය මාරයාගෙන් බේරුණත්, චන්දුලට නම් මාරයාගෙන් බේරුමක් ලැබුනේ නැහැ.

චන්දුල තමන්ගේ හිතේ ආසාවට ගතේ තියෙන අයියට තරුණ ජවයෙන් යතුරුපැදියෙන් අවසන් ගමන් ගියත් අද ඔහුගේ මව මොහොතක් මොහොතක් පාසා මැරී මැරී ඇය ඉපදෙනවා.

අවසන් වශයෙන් වටිනා කියන තරුණ ජීවිත වලට අපිට දිය හැකි එකම ඔවදන වන්නේ වේගය මරුවා කැදවා කියන පණිවුඩය පමණයි….