බොන්න වතුරත් නොදී පැය 10ක් බලෙන් වැඩ ගන්න ඇඟලුම් කම්හලක් ගැන අැත්ත කතාව මෙන්න….!

බොන්න වතුරත් නොදී පැය 10ක් බලෙන් වැඩ ගන්න ඇඟලුම් කම්හලක් ගැන අැත්ත කතාව මෙන්න….!
Spread the love

කිළිනොච්චියේ පවත්වාගෙන යන ඇඟලුම් කම්හලක පාලකයින් එම පළාතේ තරුණ තරුණියන්ගෙන් පැය දහයක කාලයක්‌ එක දිගටම බලහත්කාරයෙන් සේවය ලබා ගන්නා බවට එහි සේවක සේවිකාවෝ කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවට පෙත්සමක්‌ ඉදිරිපත් කොට තිබේ.

පැය දහයක සේවා කාලයකට එකඟ නොවන සේවක සේවිකාවන්ට රැකියාවෙන් ඉවත්ව යන ලෙසට බලපෑම් කරන බවද එම පෙත්සමේ සඳහන් වෙයි.

පැය දහයක කාලයක සේවය ලබා ගත්තද ඒ වෙනුවෙන් ලබා දෙන අතිකාල දීමනාව ආහාර හා තේ පැන් සඳහා ආපසු අයකරගන්නා බව පවසන සේවක සේවිකාවෝ මේ දිනවල කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ පවතින අධික රශ්මිය නිසා ඔවුන්ට එකදිගටම පැය දහයක කාලයක්‌ සේවය කිරීම ඉතා අපහසු බවද පෙත්සමේ සඳහන් කොට තිබේ.

පැය දහයක සේවයක්‌ ලබා ගන්නා නමුත් මෙම ඇඟලුම් කර්මාන්තශාලාවෙන් සේවක සේවිකාවන්ට පිරිසිදු පානීය ජලය සපයාදීම හා අනෙකුත් සුබසාධන සේවා පවත්වාගෙන යාම නතර කොට ඇති බවද පෙන්වා දෙන සේවක සේවිකාවෝ මේ පිළිබඳව වහාම පරීක්‌ෂණයක්‌ පවත්වා තමන්ට සහනයක්‌ සලසා දෙන මෙන් කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.