නින්දේදි හයියෙන් ගොරවන අයට නැතිවෙන දේ මෙන්න – ඔබ බැලුවොත් පුදුමවෙනවා සත්තයි

නින්දේදි හයියෙන් ගොරවන අයට නැතිවෙන දේ මෙන්න –  ඔබ බැලුවොත් පුදුමවෙනවා සත්තයි
Spread the love

නින්දේදී ශබ්ද නගා තදින් ගෙරවීම මගින් හිස්‌ කබල සිහින් වන බවත් එය ඇතැම් විට මාරාන්තික ප්‍රතිඵල ගෙන දිය හැකි බව නවතම බටහිර පර්යේෂණයකදී අනාවරණය වී ඇතැයි බ්‍රිතාන්‍යයේ පළවන “ඩෙලි මේල්” පුවත්පත පවසනවා.

මෙසේ නින්දේදී තදින් ගෙරවීම සිදු කරන අයගේ හිස්‌ කබල එසේ ගෙරවීමක්‌ සිදු නොකරන අයගේ හිස්‌ කබලට වඩා මිලි මීටර් 1.23 කින් සිහින් බව පරීක්‌ෂණ පැවැත්වූ ඇමරිකා එක්‌සත් ජනපදයේ ඉන්දියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසනවා.

මෙසේ හිස්‌ කබල සිහින් වීම මගින් එය ඩිමෙන්ෂියා රෝගය වැනි තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය වී සිහිසුන්වීම ආඝාතය (ස්‌ට්‍රොaක්‌) වැනි රෝගවලට ගොදුරු වී මරණය පවා සිදුවිය හැකි බව ඔවුහු කියා සිටිනවා.

නින්දේදී තදින් ගෙරවීමට මුල් වනුයේ උගුරෙහි බිත්ති නින්දේදි ලිහිල් වී පටු වීමෙන් හුස්‌ම ගැනීමට බාධා වීම බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

පර්යේෂකයන් වයස අවුරුදු 40 ත් 60 ත් අතර පුද්ගලයන් 114 දෙනකු ගේ හිස්‌ කබල් මෙහිදී ස්‌කෑන් පරීක්‌ෂාවක්‌ හරහා පර්යේෂණයට ලක්‌කර ඇති අතර ඔවුනගෙන් 86 දෙදෙනකුම සාමාන්‍ය හා තදබල ලෙස නින්දේදී ගොරවනු ලබන පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙනවා.

පර්යේෂණ මෙහෙයවූ ඉන්දියානා විශ්වවිද්‍යාලයේ ආචාර්ය කේ. නෙල්සන්ට අනුව නින්දේදී තදින් ගෙරවීම මගින් හිස්‌ කබල සිහින් වීමට හේතුවන යාන්ත්‍රණය හඳුනා ගැනීම සඳහා ඉදිරියේදී තවත් පර්යේෂණ සිදු කිරීම අත්‍යවශ්‍යයි.