අපේක්ෂා රෝහලේ හා ජාතික රෝහලේ පෙට් ස්කෑනර් දෙකෙන්ම වැඩක් ගන්නෙ නෑ

අපේක්ෂා රෝහලේ හා ජාතික රෝහලේ පෙට් ස්කෑනර් දෙකෙන්ම වැඩක් ගන්නෙ නෑ
Spread the love

අතිවිශාල මුදලක් වැය කරමින් මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දී ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය විශේෂ රසායනික වර්ණක ආනයනය කර රෝහල් වෙත ලබා නොදීම හේතුවෙන් රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහල වෙතද මීට වසර හතරකට පෙර ගෙන එන ලද පෙට් ස්කෑන් යන්ත්‍රයත් මේ හේතුවෙන්ම නිසි භාවිතයෙන් තොරව පවත්නා බව ද වාර්තා වී තිබේ.

පෙට්ස්කෑන් පරීක්ෂණයක් සඳහා විශාල මුදලක් වැය වන අතර මෙම වියදම කිසිසේත්ම රෝගියෙකු හට දරාගැනීමට නොහැකි බැවින් පිළිකා රෝගීන්ට සහනයක් ලෙස මේ විශේෂිත රසායනික වර්ණක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ පෞද්ගලික අංශය මගින් ආනයනය කොට ලබාදී මේ යන්ත්‍ර දෙක රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා පවසයි.