විශ්ව විද්‍යාල වල පවතින නවක වදය සම්බන්ධව විවිධ පුද්ගලයින් දරන්නේ විවිධ අදහස්ය. විශ්ව විද්‍යාලයෙන් පිටස්තර පුද්ගලයින් බොහෝ අවස්ථාවල නවක වදයට විරුද්ධව අදහස් දක්වන අතර විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබු හා ලබන ඇතැමුන්ද නවක වදයට දැඩි සේ විරුද්ධ වෙයි. නමුත් නවක වදයට මුහුණ දුන් සේම නවකවදයට මුහුණ දෙන ඇතැම් විශ්ව විද්‍යාල සිසුන් නවක වදයට පක්ෂව කතා කරන අතර ඔවුන් ඒ සම්බන්ධව විවිද අදහස් දක්වයි. කෙසේ වෙතත් මේ ලංකාවේ විශ්ව විද්‍යාල තුල නවකවදය නාමයෙන් සිදු උනු අමානුෂික ක්‍රියා පිලිබදව ඒවාට මුහුණ දුන් හා එහි අත්දැකීම් සහිත පුද්ගලයින් හෙලි කල තොරතුරුයි.
මේ නවක වදය ගැන සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූපසිංහ මහතා වරක් පවසා තිබු අදහස්,
විවිධ මානසික රෝග තියෙන ළමයි විශ්වවිද්‍යාල වලට එනවා. ඒ අය තමන්ගේ මානසික ආශාවන් විවිධ ආකාරයට ප්‍රකාශ කරනවා. මේ නිසා අලුතින් විශ්වවිද්‍යාල වලට එන දරුවන්ට මේවාට මුහුණ දෙන්නට සිදු වෙනවා. සමහර සිසුන්ගේ ගෙවල්වල තියෙන ප්‍රශ්න පිටකරන්නේ ළමයින්ගේ පිටින්.
මානසික අතින් පහළ මට්ටමක සිටින මේ අය මේවා කිරීමෙන් උපරීම තෘප්තියක් ලබනවා. ඔවුන් අලුත් ශිෂ්‍යයන් අතර වීරයන් වෙන්නට උත්සාහ කරනවා. විදේශීය විශ්වවිද්‍යාල වල මේ වගේ දේ දකින්නට නැහැ. අඩුම තරමේ පෝස්ටරයක් වත් දකින්නට නැහැ. විශ්වවිද්‍යාල දරුවන්ට අද වියදම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා හැම දේම නොමිලයේ රජයෙන් ලැබෙනවා.
මේ නිසා දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකමක් ලැබෙන්නේ නැහැ. දරුවෝ මේ නිසයි තමන්ගේ වටිනා කාලය අනවශ්‍ය දේට යොමු කරන්නේ. මේ දේවල් නිසා සමහර අයට විශ්වවිද්‍යාල පවා හැර යන තත්ත්වයක් මතු වෙනවා. එම නිසා මේ නවක වද පීඩා තිබේනම් වහාම නතර කළ යුතුයි.
අපි විශ්වවිද්‍යාල තුළ මේ වගේ දරුණු නවක වදයට තදින්ම විරුද්ධයි. මේවාට දඬුවම් දිය යුතුයි. වැරැද්දේ බරපතල කම අනුව දඬුවම් දිය යුතුයි. මේ අය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තබා ගැනීම පවා සුදුසු නැහැ. මේ අයට විරුද්ධව නඩු පැවරිය යුතුයි.
ඇමරිකාවේ විස්කොන්සින් හි විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය හදාරන ලංකික සිසුවියක් නවක වදය සම්බන්දව පවසා තිබුනේ මෙවැන්නක්,
” මම ඉගෙන ගත්තේ කොළඹ බාලිකා විදුහලකය. උසස්පෙළ සමත් වී මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබුණු දරුණු නවකවද නිසා මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීමට තීරණය කලෙමි.
ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ වෙනස් ද යන්න මට වැටහුනේ ඇමරිකානු විශ්ව විද්‍යාලයකට පය ගැසූ දිනයේ සිටමය. කිසිවෙකු මට අසභ්‍ය වචන කියන්නට බලෙන් වියායාම කරවීමට , බලෙන් කුණුහර්ප සින්දු කියවීමට පැමිණියේ නැත.
ජේෂ්ඨ කනිෂ්ඨ බේධයකින් තොරව සිසුන් එකිනෙකාට ගෞරව කළහ. කිසිවෙකු කිසිවෙකුගේ ගරුත්වය කෙලසුවේ නැත. ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් එකිනෙකාට ගරු කරන්නේ නැත. ඔවුන්ට විරුද්ධ මත ඉවසිය නොහැක. සිසුන් අතර විශාල හීනමානයක් ඉර්ශියාවක් වයිරයක් තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි වරක් පැවසු අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ.
මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්‍යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්‍ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්‍යවරයා පවසයි. ඔහුගේ කතාවේ යම් සත්‍යයක් තිබේ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ.
උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී.
කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත විය.
කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මොවුන් අපරාධකරුවන් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය හේතු කාරනා නොවිද? යන්නත් බොහෝ අය ප්‍රශ්න කරයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු ලෙස එකල සිටි තරුණයකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා එකල සිටි ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය.
එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි.
එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය.
ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්වවිද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.

