ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව කොපමන සංඛ්‍යාවකින් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ද යන්න සාකච්ඡා කිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව අද දිනයේ රැස්වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
බස් ගාස්තු සංශෝධනය සඳහා එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කල අතර පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා ඊයේ පැවසුවේ, 15% කින් බස් ගාස්තු ඉහළ දැමීමට රජයට පියවර නොගත හොත් 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත් වන බවයි.
