සතොස තොග ගබඩාවක් තුළින් මිනිස් ඇටසැකිළි

සතොස තොග ගබඩාවක් තුළින් මිනිස් ඇටසැකිළි
Spread the love

මන්නාරමේ සතොස තොග ගබඩාවේ ස්ථානයකින් පසුගිය 16 වැනිදා මිනිස් ඇටසැකිළිවල කොටස් කීපයක් හමුවීමෙන් පසුව පොලීසිය කළ කැණීම්වලදී තවත් ඇටසැකිළි කොටස් හමුවීම නිසා මන්නාරමේ සතොස තොග ගබඩාව තුළ සමූහ මිනීවළක් ඇති බවට ආරක්ෂක අංශවලට සැකයක් පහල වී ඇත.

මේ පිළිබඳව මන්නාරම දිසා විනිසුරු එම්.එම්. ඇලෙක්ස් රාජා වෙත පොලීසිය විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂ කළ දිසා විනිසුරුවරයා එම ස්ථානය බැකෝ යන්ත්‍රයක් යොදාගෙන කැණීම් කරණ ලෙස පොලීසියට නියෝග කළ අතර මේ සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගේද සහය ලබා ගන්නා ලෙස නියෝග කොට ඇත. දිසා විනිසුරුවරයා කැණීම් සිදු කරණ ස්ථානයට අධිකරණ නිලධාරීන්ද යොදවා ඇත.

යම් හෙයකින් මෙම ස්ථානයෙන් තවදුරටත් මිනිස් ඇටසැකිළි කොටස් හමු වුවහොත් සතොස තොග ගබඩාවෙන් කොටසක්ද ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇත.