බස් ගාස්තු සියයට 12.5% කින් ඉහළ දැමීමට ඊයේ(22) උදැසන රැස් වූ කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමි වූ අතර ඊයේ (22) මධ්‍යම රාති‍්‍රයේ සිට මෙම වැඩි වීම ක්‍රියාත්මක වේ. මෙහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉදිරි වසර 02 ක කාලයක් සදහා යලි බස් ගාස්තු සංශෝධනයක් කිරීමට අවසර ලබා නොදීමේ පදනම මත බස් ගාස්තු සංශෝධනය සදහා අවසර ලබා දීමට බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සදහන් කලේය.
අධිවේගී මාර්ගවල බස් ගාස්තුද ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට ඉහළ යන අතර මහරගම සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් 560 ක් ද මහරගම සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රුපියල් 450 ක් ද කඩවත සිට ගාල්ලට නව බස් ගාස්තුව රුපියල් 490 ක් ද කඩවත සිට මාතරට වන නව ගාස්තුව රුපියල් 600 ක් ද කඩුවෙල – මාතර නව බස් ගාස්තුව රුපියල් 580 ක් ද වහයෙන් ඉහළ නංවා ඇත.
