තවත් අජාසත්ත දරුවන් පිරිසක් සිය මහළු මව කුටියක සිරකරයි

තවත් අජාසත්ත දරුවන් පිරිසක් සිය මහළු මව කුටියක සිරකරයි
Spread the love

මහලු මවක් කූඩුවක රඳවා තබා ඇති බවට ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ(22) වැටලීමක් දියත් කර තිබේ.

දෙහිවල මෙම ස්ථානයට යන විටත් නිවසකට යාබඳව පිටතින් ඉදිකළ අඩි 04ක් පමණ පළල , අඩි 05ක පමන දිගින් යුත් ලෑලි හා සිමෙන්ති ගල් යොදා ඉදිකළ කුඩා කුටියක බිම මෙම මහලු මව වැතිර සිටින ආකාරය දක්නට ලැබී ඇත.86 වියැති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකුගේ හා එක් පුතෙකු සිටින අතර ඇය මෙලෙස රඳවා සිට ඇත්තේ ඇගේම දියණියකගේ නිවසට යාබඳව පිටතින් පිහිටි කාමරයක වේ.

තමා හැදූ වැදූ මව මෙලෙස රඳවා තැබුවේ ඇයි දැයි විමසූ විට එම දියණිය  පවසා සිටියේ රැකවරණය සැලසීමේ දුෂ්කරතාව මෙලෙස මව වෙනම කුටියක රැදවූ බවයි. අවසානයේ මහලු මව කළුබෝවිල රෝහලට යොමුකෙරුනු අතර දියණිය පොලිස් බාරයට ගැණුනි.