මානව මනෝභාවයන් අතරින්, ප්‍රේමය නමැති මනෝභාවයට විශේෂ ස්ථානයක් හිමි වෙයි. ඒ, ප්‍රේමය එතරම් ම මිනිසා සංවේදී ස්වභාවයට පත් කරන්නක් වන හෙයිනැයි හඟිමි. ප්‍රේමය තරම් හදවත ආමන්ත්‍රණය කරන අන් හැඟීමක් ඇත්ද? ප්‍රේමය දුටු කිවිඳුන්, එය අකුරු කර ඇති අයුරු අපූර්ව ය.
ප්‍රේමය සමග ජීවත් වන්නන්ගේ ආත්මය පිවිතුරු ය. ප්‍රේමය විසින් ඔවුන්ගේ ආත්මය සුවඳවත් කර ඇත. ප්‍රේමය දැනෙන නොදැනෙන තරම් සියුම් සුවඳක් වහනය කරන සුපුෂ්පිත නා මල් හි සුවඳය. ප්‍රේමයේ උණුසුමට ගුලි වූ කල, සියොලඟ හිරිගඩු නංවන හිම මිටියාවතේ දැඩි ශීතය ද නොදැනෙනසුළු ය.
ලතාවක් සේ වෙළී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
ගැහැණිය නිරතුරුවම පුරුෂයෙකුගේ රැකවරණය, ආදරය බලාපොරොත්තු වන්නීය. ඔහුගේ පහස ලබමින් තුටු වන්නීය. ලතාවකට ඉහළ නැගෙන්නට සවිමත් ආධාරකයක් අවැසිය. මම ලතාවක් වෙම් නම්, මගේ සවිය නුඹ ය. රැකවරණය නුඹ ය.
මලක් ස්පර්ශ කල යුත්තේ මෘදුව ය. එසේ නොවුණි නම් එය තැලී, පොඩිවී, විනාශ වී යයි. එ ලෙසින්ම මම නුඹව සැමදා මලක් මෙන් රැක ගනිමි. නුඹට සෙවණ සදමි. දෑතින් නොව හදවතින් නුඹව ස්පර්ශ කරමි, වැළඳ ගනිමි.
ඒ ප්‍රේමය ගැන සත්‍ය කථාවයි…පහතින් තිබෙන කතාව දෙස ඔබ බැලුවොත් සිතෙන්නේ මේ මොන කරුමයක්ද යන්නය..
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලක ඉගෙනුම ලබන පෙම්වතුන් යුවළක් හෝටල් කාමරයක් තුලදී පටිගත කරන ලද අසභ්‍ය දර්ශණ සහිත වීඩියෝවක් සහ ජායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාල වෙත නිකුත් වී තිබෙන්නේ නැවත නැවතත් සදාචාරය පිළිබඳව ප්‍රශ්න කරමින්. එම දර්ශණ වල සිටින නවයොවුන් තරුණිය සහ තරුණයා බියර් පානය කරමින් විවිධ කටයුතු වල නිරත වන අයුරු සඳහන් වෙනවා.
ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටීමක් මත අදාළ තරුණයා විසින් මෙම ජායාරූප අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි පැවසෙන අතර එහි සිසුවියන් දෙදෙනෙකු සමඟ ඔහු අවස්ථා දෙකකදි සම්බන්ධතා පැවැත්වූ අයුරු දැක්වෙන බව අනාවරණය වී ඇත.
තවත් බරපතළ සමාජ ඛේදවාචකයකින් අවසන්වීමට නියමිත් මෙම දර්ශණ ෆේස්බුක් අවකාශය තුල සංසරණය වනු දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු.
නව යොවුන් වියේ දරුවන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා සහ ඒ හරහා ඇතිවන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පිළිබඳව දෙමාපියන් අවධානයෙන් සිටිය යුතුය. සිය ජීවිතයේ ලිංගික සම්බන්ධතා වැනි තීරණාත්මක කරුණු ගැන තීරණ ගැනීමේ හැකියාව නොමැති දරුවන් ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේම වගකීමකි.
මෙම දර්ශනවල සිටින තරුණයාව ඔබ හඳුනනවානම් වහාම Child & Women Bureau: +94 11 2444444 මෙම දුරකථන අංකවලට දන්වන ලෙසට වගකිවයුතු අංශ දැනුම් දෙනවා.
එක දෙයයි…මේ තරුණිය වෙනුවට ඔබ, ඔබගේ දියණිය,සහෝදරිය ආදේශ කරගන්න..!


