කඩුවෙල රාජසිංහ පාලමේ අවදානම බලධාරීන්ට පෙන්නුවත් පිළියම් යෙදුවේ නෑ

කඩුවෙල රාජසිංහ පාලමේ අවදානම බලධාරීන්ට පෙන්නුවත් පිළියම් යෙදුවේ නෑ
Spread the love
අයහපත් කාලගුණ තත්ත්වය සමග කඩුවෙල බියගම නගර යා කෙරෙන ප්‍රධාන පාලම මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙන බවත්, මෙවැනි අවදානමක් සිදුවිය හැකි බව පෙන්වා දෙමින් අවස්ථා කිහිපයකදී අදාළ බලධාරීන් දැනුවත් කර  තිබුණද   එයට ප්‍රතිකර්මයක් ලබා දීමට ඔවුන් කටයුතු නොකළ බවත් කැලණි මිටියාවත සුරැකීමේ සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා පැවැසයි.
කැලණි ගඟ ජල මට්ටම ඉහළ යාමත් සමග ඉවුරු ඛාදනය වීමෙන් මෙම පාලමේ එක් පැත්තක් මේ වනවිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවත් මෙම අවදානම්කාරී තත්ත්වය පිළිබඳව වසර 10කට ආසන්න කාලයක් පුරා තමන් ප්‍රාදේශීය සභාවේ සහ පළාත් සභාවේ සිටියදී අදාළ බලධාරීන්  දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබූ බවටත් එසේම ප්‍රදේශවාසීන් එක්ව මෙම ඉවුරු ඛාදනයට පිළියම් යොදන ලෙසට ඉල්ලා සිටිමින් විවිධ ඉල්ලීම් කරනු ලැබුවද කිසිදු විසඳුමක් ලබා දීමට ඔවුන් කටයුතු නොකළ බවටත් ඔහු චෝදනා කළේය.