දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය අනෙකුත් පළාත් වලට ද පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට දකුණු පළාතේ වයස අවුරුදු 2ට අඩු දරුවන් 11 දෙනෙකු මියගොස් ඇති බව ය.වෛරස් උණ සමග ඇතිවූ සංකුලතා හේතුවෙන් එම මරණ සිදුව ඇති බව ද වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
දකුණේ වෛරස් උණ අනෙක් පළාත් වලටද පැතිර යාමේ අවදානමක්
