කාට උනත් නීතිය සමාන බව පසක් කරමින් දරුවෙකු හැප්පු දීපානි සිල්වා අත්අඩංගුවට…

කාට උනත් නීතිය සමාන බව පසක් කරමින් දරුවෙකු හැප්පු දීපානි සිල්වා අත්අඩංගුවට…
Spread the love

රංගන ශිල්පිණි දීපානි සිල්වා බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන්.

අද (28) උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී දිපානී සිල්වා පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දරුවෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

රංගන ශිල්පිණි දිපානි සිල්වා  අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බණ්ඩාරගම පොලීසිය සඳහන් කරනවා.