ටෙලිකොම් ආයතනයේ පාලන අධිකාරිය වෙනුවෙන් වැඩි වශයෙන් පෙනී සිටි වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙකුට එංගලන්ත සවාරියක් සදහා වියදම් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙසේ එංගලන්ත සවාරියක් ලබාදී ඇත්තේ සමස්ථ ලංකා ටෙලිකොම් සේවා සංගමයේ සභාපති අනුර පෙරේරා මහතාට හා විදුලි සංදේශ නිළධාරින්ගේ සංගමයේ ලේකම් රෝහන් ලාල් නිශ්ශංක මහතාටය.
අදාළ වෘත්තීය සමිති නායකයින් දෙදෙනා රාජ්‍ය නොවන සංවිධානයයක් විසින් පවත්වන සම්මේලනයකට සහභාගිවීමට ටෙලිකොම් සමාගමින් අනුග්‍රහකත්වයක් ඉල්ලා ඇති අතර ඒ සඳහා නිල වශයෙන් අනුග්‍රහයක් ලබාදීමට ටෙලිකොම් හට හැකියාවක් නොමැති බැවින් ඔවුන් පුහුණු සැසියකට යන බවට ලිපි ලේඛන සකස්කර අනුග්‍රාහකත්වය දී ඇතැයි සඳහන් වේ.
එම සංගමයේ ම සමාජිකයෙකු වන නියෝජ්‍ය සමාන්‍යධිකාරි දිප්ත් විජේවර්ධන මහතා ඒ සදහා යන වියදම අනුමත කර ඇති බවත් ගුවන් ටිකටිපත් සදහා රුපියල් 126,000ක්ද, විසා ගාස්තු සඳහා රුපියල් 22,000ක්ද, නවාතැන් පහසුකම් සදහා රුපියල් 274,500ක් වශයෙන් රුපියල් 422,500ක මුදලක් එක් අයෙකු සදහා ලබාදීමට තීරණය කර ඇති බවත පැවසේ.
එම සංගමයෙන් ආරධානා ලබා දෙන අයට නොමිලේ ගුවන් ටිකටි පත් හා නවාතැන් පහසුකම් ලබාදීම සිරිත වුවද පසුගිය වර ඉන්දුනිසියාවේ පැවැති එම සම්මේලනයේ සැසියකට සහභාගිවූ මොවුන් එහිදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් මෙවර එම අවස්ථාව ලැබී නොමැති බවද පැවසෙන අතර සාමාන්‍ය පෙළවත් සමත් නොවී උසස්වීම ලැබු ඉංජිනේරුවෙකු වන මෙහි එක් අයෙකුද, අනෙක් අය සනීපරක්ෂක කම්කරුවෙකු ලෙස කටයුතු කරන අතර ඔවුන්ට එංගලන්තයේ ඇති පුහුණුවීම් කුමක්ද යන්න ටෙලිකොම් ආයතනයේ සෙසු සේවකයින් පාලන අධිකාරියෙන් ප්‍රශ්න කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

