දිවයිනේ ප්‍රකට ජෝතීර්වේදියෙකු මෙන්ම දේශපාලන අනාවැකි පළකරන්නෙකු වූ නාත්තන්ඩියේ පී ඩී පෙරේරා මහතා සියදිවි නසාගෙන ඇති බව වාර්තාවෙයි.
පෙරේදා (28) රාත්‍රියේ මීගමුව කට්ටුව දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රදේශයකදී, හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන ඔහු මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව වාර්තාවෙයි.
මිය යන විට 72 හැවිරිදි වියේ පසුවූ ඒ මහතාගේ සියදිවි නසාගැනීමට මෙතෙක් නිශ්චිත හේතුවක් සඳහන් නොවන අතර ආර්ථික ප්‍රශ්ණ උත්සන්න වීම නිසා ඇතිවූ කලකිරීම හේතුවෙන් මෙය කරගන්නට ඇතැයි සැක පහළවී ඇත.
ඔහු අධික ණය බරකින්ද පීඩා විඳි බවත් නොයෙකුත් දෙනා එම මුදල් ඉල්ලමින් ඔහුට කරදර කළ බවත් ඒ මහතා පවුලේ උදවිය සඳහන් කර ඇති බවද වාර්තාවේ.කලකට පෙර පළමු කසාදයෙන් වෙන්වූ ඒ මහතා පසුව දෙවන විවාහයක් සිදුකරගෙන ඇති බවද දැනගන්නට ලැබේ.
පුවත්පත් රැසකට ජෝතිෂ්‍ය ලිපි පළකළ නාත්තන්ඩියේ පී ඩි පෙරේරා මහතා දේශපාලන ආනාවැකිකරුවෙකු වශයෙන්ද ප්‍රසිද්ධියක් ඉසිලීය.
2015 ජනාධිපතිවරණය පිළිබඳවද ප්‍රබල අනැවකි රැසක් පළකල ඒ මහතා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පදවියට පත්වන බවට සඳහන් කල ප්‍රථම ජෝතිර්වේදියාද විය.
එමෙන්ම 2015 මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාවක් නැති බවටද ඔහු අනාවැකි පළකොට තිබූණි.
2010 ජනපතිවරණයෙන් සරත් ෆොන්සේකා මහතා පරාජය වන බවත්, ඔහුට හිරේ විලංගුවේ වැටීමට සිදු වන බවත්, ඉන් පසු ඔහු සිරකල අය විසින්ම නිදහස් කරන බවත් ඔහු කියා තිබුණි.
ෆොන්සේකා මහතාට නැතිවූ සියලු වරප්‍රසාද 2015 අප්‍රේල් වන විට ලැබෙන බව ද පී ඩී පෙරේරා මහතා 2015 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ ආණ්ඩු කරන බවද ඔහු සඳහන් කර තිබුණේය.




