තැපැල් සේවා ව්‍යවස්‌ථාව කඩිනමින් සම්මත කර තැපැල් සේවකයන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ආණ්‌ඩුවට බල කිරීම සඳහා ජුනි මස 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා අඛණ්‌ඩ තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ තීරණය කර ඇතැයි එහි කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි.
ආණ්‌ඩුව මෙසේ දිගින් දිගටම තැපැල් සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් නොදී තැපැල් සේවකයන් රැවටීමට ලක්‌කිරීම නිසා අකමැත්තෙන් වුවත් මෙම තීරණය ගත් බව හෙතෙම පැවසූ අතර 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 20,000 ට අධික සියලුම සේවකයන් සහභාගි වන බව ද තැපෑලට ආණ්‌ඩුව දක්‌වන කුඩම්මාගේ සැලකිල්ල නිසා සමස්‌ත තැපැල් දෙපාර්තමේන්තුවම දැන් කඩා වැටී ඇති බවද මේ සඳහා දිය හැකි හොඳම නිදසුන තැපැල් පරිගණක පද්ධතිය අක්‍රිය වීම බව ද බණ්‌ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
