දින 5ක් වයසැති බිළිදෙකු කිතුනු දේවස්ථානයක දමා ගිය යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචි ප්‍රදේශයේදීයි.
අදාළ මව්පිය යුවළට දාව මෙම දරුවා ඔවුන්ගේ සිව්වැනි දරුවා ද වනවා.
රජයේ රෝහලක දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව මෙම යුවළ කිතුනු දේවස්ථානයක දරුවා තබා යෑමට යනවා.
දරුවා දේවස්ථානයේ බිම තැබීමට පෙර පියා දරුවාගේ නළල සිප ගෙන තිබෙනවා.
මෙම සියලු සිදුවීම් CCTV කැමරාවේ සටහන් වී තිබෙනවා.
පසුගිය 02වනදා රාත්‍රී 8.30ට පමණ මෙය දුටු දේවස්ථානයේ සාමාජිකයින් පොලීසියට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම තොරතුරු අනුව මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.