විදෙස් සඟරා පරිශීලනය කර ලබාගත් දැනුමෙන් අර්ධ ස්‌වයංක්‍රීය ගිනි අවි නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවිකරන කහවත්ත මාදම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනිඅවි නිෂ්පාදනාගාරයක් වටලා ගිනිඅවි රැසක් සමඟ සැකකරුවකු ඊයේ (04) අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිසිය කියයි.
අර්ධ ස්‌වයංක්‍රීය ගිනිඅවි 01 ක් නිම නොකළ අර්ධ ස්‌වයංක්‍රීය අවි දෙකක කොටස්, ටී 56 ජීව උණ්‌ඩ 03 ක් ගිනිඅවි නිෂ්පාදනයට යොදාගන්නා කොටස් සහ නිෂ්පාදනයට භාවිත කරන උපකරණ රැසක් සොයාගත් බවත්‍ෙසැකකරු විසින් කහවත්ත කහවතු කන්ද ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් 25,000 ක් (විසිපන්දාහක) මුදලකට අලෙවිකර තිබූ බෝර 12 පතුරම් තුවක්‌කු 01 ක් සමඟ මිලදීගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් ගිනිඅවි සහ සැකකරුවන් ඊයේ (04) පැල්මඬුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
විදෙස් සඟරාවලින් දැනුම ලබා නීතිවිරොධී ගිනිඅවි නිපදවන ස්‌ථානයක් කහවත්තේ
