12 වියැති දැරියක් වන ලැහැබකට අරන් ගිහින් පැය ගණනක් ලිංගිකව හැසිරුණු තරුණයෙකු අත්අඩංගුවට…

12 වියැති දැරියක් වන ලැහැබකට අරන් ගිහින් පැය ගණනක් ලිංගිකව හැසිරුණු තරුණයෙකු අත්අඩංගුවට…
Spread the love

වයස අවුරුදු 12ක් වන පාසල් සිසුවියක් සමග ලිංගිකව හැසිරුණු 20 හැවිරිදි තරුණයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ලිංගික සබඳතාවකට පෙළඹී ඇත්තේ පුත්තලම – මානාවේරිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වන අතර දැරිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බව සඳහන්.

පසුගිය මස 29 වැනිදා දැරියගේ නිවසට සැකකරු පැමිණ කථා බහ කරමින් සිට පසුව දෙදෙනාම නිවස ආසන්නයේ ඇති සෙල්ලන්කන්දල් රක්ෂිතයට ගොස් ඇති බවත් එහිදී ඔවුන් අඹු සැමි ඇසුරක් පවත්වා ඇති බවත් මූලික විමර්ශනවලදී හෙලිවී තිබෙනවා.

තමන් මුහුණ දුන් අත්දැකීම දැරිය විසින් ගමේ තවත් අයෙකු හා පවසා ඇති බවත් ඉන් පසුව මේ බව ගම්වාසීන් අතර පැතිරී ගොස් ඇති බවත් ඒ හරහා දැරියගේ මව ද මේ පිළිබඳව දැනුවත් කිරීමට ගම්වාසීන් ක්‍රියා කර ඇති බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ඇගේ මව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට කටයුතු කර නැති අතර පසුව ගම්වාසීන් විසින් මේ බව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනිය වෙත දැණුම් දීමට කටයුතු කර තිබෙනවා.

ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනිය විසින් මව සහ දැරිය සිය කාර්යාලයට කැඳවා තොරතුරු ලබා ගැනීමෙන් පසුව සිද්ධිය පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව විමර්ශන කටයුතු සිදු කර ඇති පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.