බස් රථ හා ලොරිවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට ඉන්ධන පිරවුම්හල්වලට රෙගුලාසි පනවන ලෙස ඇමැති මණ්‌ඩලය ඛනිජ තෙල් ඇමැතිවරයාට උපදෙස් දුන් බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.බස් රථවලට භූමිතෙල් නිකුත් කිරීම වැළැක්‌වීමට භූමිතෙල් මිල ඉහළ දැමූ නමුත් ධීවර ගැටලු නිසා යළිත් එහි මිල පහත හෙළීමට සිදුවූ බවද හෙතෙම කීය.
මිල ඉහළ දැමීම නිසා භූමිතෙල් නිකුත් කිරීම සියයට 50 කින් පමණ අඩු වූ බවද ඇමැතිවරයා සඳහන් කල අතර භූමිතෙල් මිල රුපියල් 70 දක්‌වා අඩු කළද ධීවරයින්ට පරණ මිල වන රුපියල් 44 දක්‌වා අඩුකිරීමට සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඊයේ (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේය.
