නොරොච්චෝල බලාගාරය ජාතික අවශ්‍යතාවක් නිසා ඉදිරියේදී පරිසර අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය තුළින් පරිසරයට සහ ඒ අවට ජනතාවට සිදුවෙතැයි හානි පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ රටේ විදුලිබල අවශ්‍යතාව සපුරාලීම පිණිස විශාල දායකත්වයක් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සපයන බවයි.නොරොච්චෝල බලාගාරයෙන් පිටවන අළු හේතුවෙන් පරිසරයට සිදුවෙතැයි පවසන හානිය වලක්වා ගැනිම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග බොහෝමයක් මේ වනවිට ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව පරිසර අධිකාරිය යහපත් ප්‍රතිචාර දක්වා ඇත.
ඉදිරියේදී නොරොච්චෝල බලාගාරය පරිසර අධිකාරියේ නිර්දේශ මත වඩාත් පරිසර හිතකාමී ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පරිසර ආරක්ෂණ ක‍්‍රම අනුගමනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය සියඹලාපිටිය මහතා ප‍්‍රකශ කළේය.
ඒ අනුව ඉදිරියේදී සුළං බාධක භාවිත කිරීම, බලාගාරයෙන් පිටවන අළු සෑම විටම ආවරණය කර තැබීම සහ වඩාත් ඉහළ ප‍්‍රමිතියකින් යුත් ගල් අඟුරු භාවිත කිරීම ආදිය සිදුකරන බව විෂයභාර අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව අදාළ සුළං බාධක මේ මස 22 දින ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී එම් එස් බටගොඩ, වයඹ පළාත් මහ ඇමති ධර්මසේන දසනායක යන මහත්වරුන් ඇතුළු මධ්‍යම පරිසර අධිකාරිය, ශ‍්‍රී ලංකා ගල් අඟුරු සමාගම සහ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යන ආයතනයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

