යාපනය වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ උපකාරක පන්තියකට ගිය සිසුවියක් අපයෝජනයට ලක්‌කළ සහ තවත් දැරියන් කීපදෙනෙකුට අතවර සිදුකළා යෑයි පවසන ගුරුවරයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියකට යන සිසුවියන් හට අතවර සිදුකරන බවට ලද පැමිණිල්ලක් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු පිළිබඳව සිසුවියන් තිදෙනකු පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පසුගිය බදාදා අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරයා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
මේ අතර මෙම ගුරුවරයා උගන්වන පාසලෙන් මොහුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මවුපියන් හා පාසල් සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ අනුව ඔහුව පාසලෙන් ඉවත් කිරීමට අදාළ පාසලේ විදුහල්පතිවරයා පියවර ගෙන ඇත.වැටීමෙන් පිළිස්‌සුම් තුවාල ලබා ඇත.
දැරියන් රැසකට අතවර කළ යාපනයේ අමන ගුරා අත්අඩංගුවට
