යාපනයේ වඩුක්‌කෝඩෙයි නගරාසන්නයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ගුරුවරයෙකු විසින් පාසල් ශිෂ්‍යාවක් ලිංගික අපයෝජනයට ලක් කළේ යෑයි කියන සිද්ධියක් මත පසුගිය දා එම ගුරුවරයාට අයත් උපකාරක පන්ති ගොඩනැඟිල්ලට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.
ගින්නෙන් එම උපකාරක පන්තියේ තිබූ සියලුම දෑ පිළිස්‌සී විනාශ වී ගොස් ඇත.
අදාළ පාසල් ශිෂ්‍යාවට මෙම ගුරුවරයා විසින් ලිංගික අපයෝජනයක් සිදුකොට ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත යාපනයේ වඩුක්‌කෝඩෙයි පොලිසිය විසින් එම ගුරුවරයාව අත්අඩංගුවට ගෙන පරීක්‌ෂණ සිදු කරමින් සිටින අතරතුර මෙසේ ඔහුගේ උපකාරක පන්තියට ගිනි තබා තිබෙන බව සඳහන්.
වඩුක්‌කෝඩෙයි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ පවත්වාගෙන යයි.