තමාට ජනාධිපති ලෙස ආමන්ත‍්‍රණය නොකිරීම නිසා කෝපයට පත් ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් එරට ශිෂ්‍යයෙකු හට දොස් නගන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය නිකුත් කර ඇත.
ප‍්‍රංශයේ පාසලක පැවැති කී‍්‍රඩා උලෙලකට ජනාධිපති මැක්රන් සහභාගී වී ඇති අතර එම අවස්ථාවේදී ශීෂ්‍යයෙකු විසින් ජනාධිපතිවරයා හට ‘‘මානු’’ කියා ආමන්ත‍්‍රණය කිරීමෙන් ඔහු කෝපයට පත්වන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවෙන අතර අවස්ථාව තෙරුම් ගෙන කතා බහ කරන ලෙසත්, විප්ලවකරුවෙකු ලෙස නොව ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කරන ලෙසත් එහිදී ජනාධිපති මැක්රන් අදාළ සිසුවාට පවසා ඇත.