ගල්ගමුව සහ යාපහුවේ අලි මිනිස්‌ ගැටුමෙන් අලි 48 ක්‌ මිනිස්‌සු 29ක්‌ මරුට

ගල්ගමුව සහ යාපහුවේ අලි මිනිස්‌ ගැටුමෙන් අලි 48 ක්‌ මිනිස්‌සු 29ක්‌ මරුට
Spread the love

අලි – මිනිස්‌ ගැටුම හේතුවෙන් පසුගිය වසර හතක කාලයේදී ගල්ගමුව හා යාපහුව මැතිවරණ බල ප්‍රදේශවල වල් අලින් 48 දෙනකු හා පුද්ගලයන් 29 දෙනකු මියගොස්‌ ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

වල් අලින් විසින් වගා විනාශ කිරීම්, දේපළ හානි කිරීම්, නිවාස කඩා බිඳ දැමීම් වැනි සිදුවීම් ද ඉකුත් වසරවලදී විශාල වශයෙන් සිදුව ඇති බව ද එම සිදුවීම් ගණන පසුගිය අවුරුදු හතේදී 200 ඉක්‌මවා ඇති බවද සඳහන් ය. 

අලි – මිනිස්‌ ගැටුම් විශාල වශයෙන් පවතින ප්‍රදේශ අතර වයඹ පළාතේ ගල්ගමුව ඉහළ ස්‌ථානයක පවතියි. මේ වනවිට ගල්ගමුව ප්‍රදේශය වාසභූමි කර ගනිමින් ජීවත්වන වල්අලි සංඛ්‍යාව 400 – 500 අතර ප්‍රමාණයක්‌ බව ප්‍රදේශවාසීහු පවසති.