අනුරාධපුර නගරයේ පෙරේදා (19 දා) සිදු කළ මෙහෙයුමකදී ගණිකා වෘත්තියේ නරත වූ කාන්තාවන් දහ හතර දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මේ සියලු දෙනාම අනුරාධපුර නව බස්‌නැවතුම්පොළ ප්‍රදේශය අවට පවත්වා ගෙන යන ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථාන හතරක සේවය කරන අය බව අනාවරණය වී ඇත.
ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානවලට පැමිණෙන පිරිස අඩුවීම නිසා ඉන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තමන් රාත්‍රි කාලයේ ගණිකා වෘත්තියේ නිරත වී අමතර ආදායමක් උපයන බව ද ඔවුන් පොලිසියට ප්‍රකාශ කොට ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවෝ අවුරුදු විසි දෙකත් පනස් දෙකත් අතර වයසේ පසුවෙති. ඔවුන් අනුරාධපුර, කෑගල්ල, පුත්තලම, තඹුත්තේගම, මීගමුව, පොළොන්නරුව, ගිරිතලේ මනම්පිටිය සහ කොම්පඤ්ඤවීදිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම කාන්තාවන් ඊයේ (20 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.