ට්‍රම්ප් මානව හිමිකම් පසෙකලා වෙළෙඳාමට අත ගසයි

ට්‍රම්ප් මානව හිමිකම් පසෙකලා වෙළෙඳාමට අත ගසයි
Spread the love

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙතෙක්‌ ඇමරිකානු ක්‍රමවේදය වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ක්‍රියාකිරීමේ පිළිවෙත අහෝසි කර ඇත. 
 
මේ පිළිවෙත ලබන අගෝස්‌තු මස සිට නතර වන අතර මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන සෙවීම වෙනුවට වෙළෙඳ කටයුතු නැංවීම තම අරමුණ බව ඔහු ප්‍රකාශ කර ඇත.
 
 මේ නිසා මානව හිමිකම් උල්ලංඝනය වීම් මුවාවෙන් මෙරට ද්‍රවිඩ දේශපාලනඥයන්ට සහ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ට ලැබි තිබූ වරප්‍රසාද සහ ඇමරිකානු සංචාරද නතර වේ.පසුගිය කාලයේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් දෙදෙනකු ඇමරිකානු අරමුදල් ලබා ගනිමින් ඇමරිකාවේ සංචාර රැසකට සහභාගී වී තිබේ. යහපාලනය, වගවීමේ ක්‍රියාවලිය යන කරුණුවලට මුවාවී මොවුන් ඇමරිකානු වරප්‍රසාද ලබාගෙන තිබිණි.