“කුඩු සෙල්විගේ සැමියාට “සිදු කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාලස් ඇන්තනි බලකායේ සිටි බුම්බා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක්

“කුඩු සෙල්විගේ සැමියාට “සිදු කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාලස් ඇන්තනි බලකායේ සිටි බුම්බා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක්
Spread the love

කොටහේන, ජම්පටාවිදිය ,137 වත්ත අසලදී “කුඩු සෙල්විගේ සැමියාට “සිදු කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාලස් ඇන්තනි බලකායේ සිටි බුම්බා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වෙරළබඩ ‍පොලීසිය පවසයි.

කොටහේන, ජම්පටාවීදිය, 137 වත්ත අසල වෙළෙඳසලක් පවත්වාගෙන යමින් සිටි ගනේෂ් නමැත්තාට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පෙරේදා (24) රාත්‍රී 9.45 ට පමණ වෙඩි තබා පළා ගොස් තිබුණි. එහදී බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබිණි.ගෙල පෙදෙසට මෙම වෙඩි තැබිම සිදුව තිබූ අතර ඔහුට ශල්‍ය කර්මයක්ද කළ බව ‍පොලීසියේ උසස් නිලධාරියෙකු පැවැසීය.
තුවාලකරුගේ ප්‍රකාශය අනුව මෙම වෙඩි තැබිම සිදු කර ඇත්තේ පාතාල සාමාජිකයෙකු වන ස්ටැන්ලි කෙනඩි හෙවත් බුම්බා විසිනි.

බුම්බා යනු එල්.ටී.ටී.ඊ සංවිධානයේ චාල්ස් ඇන්තනි බලකායේ සේවය කළ අයෙකි.පසුව ඔහු දකුණේ පාතාලය හා සම්බන්ධව විවිධ අපරාධ සඳහා යොමුව තිබේ. මොහු විසින් ගනේෂ්ගේ බිරිඳ වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වූ සෙල්වි නමැති කාන්තාව 2015 වර්ෂයේ සැප්තැම්බර් මසදී ඝාතනය කර තිබුණි.පසුව 2016 වර්ෂයේ බුම්බා ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අතර බන්ධනාගාර ගතව සිට ඔහු නිදහස්ව පැමිණ ඇත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදී බව ‍පොලීසිය පවසයි.එසේ නිදහස්ව පැමිණ වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ සැඟ වී සිට ඇත.පැරණි ආරවුල යළි මතුව ඔහු විසින් මෙම වෙඩි තැබිම සිදු කළ බව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිද්ධිය වූ ස්ථානයේ අවට තිබූ සී.සී.ටී.වී දර්ශනද උපයෝගී කරගෙන කොළඹ උතුර භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ අධීක්ෂණයෙන් වෙරළබඩ ‍පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.