යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමින් පාර වසා විරෝධතා…

යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමින් පාර වසා විරෝධතා…
Spread the love

යාපනය වඩුක්කොඩයි සිත්තංකේනි මන්සන්ධියේදී අද (28) ප්‍රදේශවාසීන් හා පාසල් දරුදැරියන් පිරිසකගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් පැවත්වුනේ සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු වූ පරික්ෂණ කටයුතු පිළිබඳ සැහීමකට පත්විය නොහැකි බව පවසමිනි.

අදාල විරෝධතාව හේතුවෙන් මණිප්පායි පොන්නාලෙයි ප්‍රධාන මාර්ගයේ ගමන් කටයුතු වලටද බාධා එල්ල වී ඇති අතර පොලීසියේ මැදිහත් වීමෙන් ගමනාගමන කටයුතු සාමාන්‍ය අයුරින් පැවත්වීමට කටයුතු සිදු කොට ඇත.

විරෝධතාවයේ යෙදුනු පිරිස් විසින් ප්‍රධාන කරුණු තුනකට විරෝධය පල කෙරෙන අතර එහිදී මිය ගිය 06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගේ මරනය සම්බන්ධයෙන් මුලදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් පස් දෙනෙකු පොලිස් ඇප මත මුදා හැරීම් පිළිගත නොහැකි බවටත් පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයටත් ළමාරක්ෂණ අධිකරියටත් පරික්ෂණයක් සිදු කරන ලෙසට කරන ලද ඉල්ලීම් වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීමත් පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගත යතු බවටත බල කරමින් මෙම විරෝධතාවය පැවත්වෙයි.

06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගෙ මළ සිරුර පසුගිය 25 වනදා සුලිපුරම්හි ළිඳක තිබී සොයාගත් අතර පසුව මරණය ගෙල සිර කොට මරදමා ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනාවරනය වූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මේ වන වට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.