කොළඹ තර්ස්ටන් විදුහලේ සා/පෙ සිසුවකුට ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 40ක් එක්ව පහර දෙයි… සිසුවාට අසාධ්‍යයි

කොළඹ තර්ස්ටන් විදුහලේ සා/පෙ සිසුවකුට ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් 40ක් එක්ව පහර දෙයි… සිසුවාට අසාධ්‍යයි
Spread the love
සිසුන් පිරිසකගේ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත.එම පාසලේ ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකු ඇතුලූ සිසුන් 40 දෙනෙකු පමණ එක්ව ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන අතර පහරකෑමට ලක්වූ සිසුවා හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත්තේ රග්බි පුහුණුවීම් අතරතුර අනතුරක් සිදුවූ බව පවසමින් බව රෝහල් ආරංචි මාර්ග වල සඳහන් වේ.
ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු අදාළ සිසුවා රෝහලෙන් පිටව ගොස් ඇත.එහෙත් ඔහු යළිත් අසාධ්‍ය වීම හේතුවෙන් ඊයේ සවස මවුපියන් විසින් අදාළ සිසුවා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහු තවමත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් වේ.