අනුරාධපුර නිවන්තකෙච්තිය හිටපු විදුහල්පතිට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් ලක්‍ෂ දෙකහමාරක වන්දි මුදල රුපියල් 5000 බැගින් ගෙවා දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ‘දිවයින’ට 29 දා පැවසීය.
අධිකරණ තීන්දුවට තමා ගරුකර වන්දි මුදල ගෙවා දමන බවත් කී ජයරත්න මහතා මිලියන 500 ක පමණ සංවර්ධන කටයුතු තමා බලයේ සිටි සමයේ එම විදුහල වෙනුවෙන් සිදුකළ බවද පැවසීය.
