ලබන බදාදා වන විට හිඟ මුදල් නොගෙව්වොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණයට ඉන්ධන නිකුත් කරන්නේ නෑ

ලබන බදාදා වන විට හිඟ මුදල් නොගෙව්වොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණයට ඉන්ධන නිකුත් කරන්නේ නෑ
Spread the love
ලබන බදාදා වන විට හිඟ මුදල් නොගෙවන්නේ නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණයට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.
එහි සභාපති ධම්මික රණතුංග මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලිඛිතව දැනුම්දී ඇති බවයි.
එළෙඹන බදාදා දින වන විට අදාළ හිඟ මුදල් ‍ ගෙවීමට කටයුතු නොකරන්නේ නම් බදාදායින් පසුව ගෙවීමකින් පමණක් ඉන්ධන ලබා ගත හැකි බව ඒ  මහතා සඳහන් කළ අතර ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් පාලනය කර ගත නොහැකි තත්ත්වන් මේ වන විට උදා වී ඇති බව එහි සභාපති වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පමණක් මිලියන 12ක මුදලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයවිය යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.