ලං.ග.ම යට අලුතින් බස් 2000ක් ගේන්න අනුමැතිය

ලං.ග.ම යට අලුතින් බස් 2000ක් ගේන්න අනුමැතිය
Spread the love
ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ඉදිරියේදී නව බස් රථ 2000ක් මෙරටට ගෙන්වන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවූ බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටි අතර හංගේරියාවෙන් ගෙන්වන බස් රථ පිළිබඳ කැබිනට් පති‍්‍රකාවක් එළඹෙන කැබිනට් මණ්ඩල රැස්විම සඳහා ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරන ලදී.
මෙලෙස එරටින් ගෙන්වීමට සැලසුම් කර ඇත්තේ ඉලෙක්ටි‍්‍රක් සහ හයිබි‍්‍රඞ් වර්ගයේ බස් රථයි.