අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජතෙල් සංස්ථා ඉන්ධන පිරවුම්හල් වල අලෙවි කරන පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ නංවා ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු 145 දක්වා රුපියල් 8කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු 155 දක්වා රුපියල් 7කින්ද මිල වැඩිකර ඇති අතර සාමාන්‍ය ඩීසල් රු 118 දක්වා රුපියල් 9කින්ද සුපිරි ඩීසල් රු 129 දක්වා රුපියල් 10කින්ද ඉහළ නංවා තිබේ. භුමිතෙල් මිලෙහි වෙනසක් කර නැත.
මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඛණිජ තෙල් සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට අැති මිල සූත්‍රයට අනුව මින් පසු සෑම මසක 10 වන දින ජාත්‍යන්තර තෙල් මිලට සාපෙක්ෂව මෙරට ඛණිජ තෙල් මිල ඉහළ පහළ දැමෙන අතර එය අතිශය විනිවිද භාවයෙන් යුතු ක්‍රියාදාමයක් වනු ඇති බවය.

