රත්නපුර ගල්ඇන්ද විහාරස්ථානයකදී පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මාරාදැමීමක් සම්බන්ධයෙන් එම විහාරයේ හිමිනමක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු ලැබ සිටින හිමි නමක් සොයා රත්නපුර පොලීසියේ සැරයන්වරයෙකු අද (10) පෙරවරුවේ එම විහාරස්ථානයට ගොස් තිබේ.
එම හිමි නම විහාරස්ථානය තුළදී සැරයන්වරයාගේ ගෙල සිර කර ඇත්තේ එම අවස්ථාවේය. මෙහිදී පොලිස් නිලධාරියාගේ කෑගැසීම් හඬට අනුව අසල් වැසියන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් දී තිබේ. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එහි යන විට එම පොලිස් නිලධාරියාගේ මළ සිරුර හමුවී ඇති අතර හිමි නමද එහි සිට ඇත.
එහිදී ඔහු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයකින් දමා ගැසීමට උත්සහ කර ඇති අතර රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා හිමිනමගේ අතට පොල්ලකින් පහරදී ඒ උත්සාහය ව්‍යවර්ථ කර ඇත. රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

