දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි හා පාර්සල් කඩා එහි ඇති දේ ගැනීමේ මහා ජාවාරමක් හෙළිවෙයි….

දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි හා පාර්සල් කඩා එහි ඇති දේ ගැනීමේ මහා ජාවාරමක් හෙළිවෙයි….
Spread the love
මාස කිහිපයක සිට සඟවා  තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්ෂණ නිලධාරින්ගේ කාමරයේ තිබී පසුගිය 11 දා සොයාගෙන තිබේ.
දකුණු පළාත් නියෝජ්‍ය තැපැල් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශිය තැපැල් අධිකාරිවරිය විසින් කළ සෝදිසිකිරීමකදී මෙම තැපැල් මලු තොගය සොයා ගෙන ඇති අතර එහිදි විදේශ රටවල සිටින පුද්ගලයින් විසින්  මෙරට සිටින ඥාතින්ට එවනලද ලිපි සහ පාර්සල් රැසක් කඩා තිබියදි සොයාගෙන ඇති අතර එයට අමතරව පසුගිය  මැතිවරණයේදි ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් ඡන්දදායකයින් වෙත යැවිමට බාරදෙන ලද ලිපි දහස් ගණනක් තිබී ඇත.
දීර්ඝ කාලයක පටන් විදේශ රටවලින් ලැබෙන ලිපි කැඩිමේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස්  ඇති අතර ඒ සම්බන්ධයෙන් කරන ලද නිර්නාමික පෙත්සම් අනුව මෙම හදිසි වැටලිම කර තිබූ අතර මෙම කාමරයට වෙනත් බාහිර පුද්ගලයින්ට ඇතුලු විමට නොහැකි බවත් ඇතුලු විය හැක්කේ අධික්ෂණ නිලධාරිවරුන්ට පමක් බවත් වාර්තාවේ.