21 වන සියවසේ මෙරට වාරි විශ්මිතය ලෙස හැඳින්වෙන මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජ රටට – කඳුරට එක් කරන මොරගහකන්ද – කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම අද (23) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.
මොරගහකන්ද සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයවන අතර මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය වේ. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ 248ක් වන අතර ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 ක් වේ.
කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මොරගහකන්ද – කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝ මීටර් 9 ක් දිග උමග සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් ඇරඹෙන්නේ ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වන අතර
කළුගඟ ජලාශය නිර්මාණය වීම හේතුවෙන් මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ මගින් මහකනදරාව දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය හා පැරැණි අඹන් ගඟ, යෝධ ඇළ හරහා මින්නේරිය, ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය තවත් වර්ධනය වී ඒ ප‍්‍රදේශවල කෘෂිකර්මික සංවර්ධනය තව දුරටත් පුළුල් වෙනු ඇති.
මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25 විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක් කෙරෙන අතර ඒ සමගම මීටර් 845ක් දිග මොරගහකන්ද මහා වේල්ලේ කෙළවර මහ කළු ගලේ නෙළන ලද අඩි 27 ක් උස අවුකන බුදු පිළිමයේ අනුරුව වන්දනා මාන සඳහා නිරාවරණය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වේ.
එමෙන්ම මොරාගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් නම් කරනු ලැබීමේ සුවිශේෂී කටයුත්තද අද සිදු වෙනු ලබන අතර ඒ මෙරටට අනන්‍ය වූ නව තාක්ෂණික ඉදිකිරීම් ක‍්‍රම නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවා සැමරීම වෙනුවෙන්.
