ගාල්ල, අක්මීමන, නරාවල ප්‍රදේශයේ දී දින 28 පමණ වයසති ගව පැටවෙකු සමඟ ලිංගිකව හැසිරුනු පුද්ගලයෙකු පිළිබදව අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.
නරාවල ප්‍රදේශයේ පදිංචි ගව හිමියකු විසින් ඊයේ (23) දිනයේදී මෙම පැමිණිල්ල සිදුකර ඇති ඇති අතර පසුගිය 16 දින සවස ගවයන් බැදීම සදහා ගව හිමියා ගොස් ඇති වටදී ගව පැටවෙකු නොමැති බව දැනගත් ඔහු කළ සොයා බැලීමේදී සත්වයා සමඟ සැකකරු ලිංගිකව හැසිරෙන අයුරු තමන් දුටු බවට ගව හිමියා පොලීසය හමුවේ පවසා ඇත.
අනතුරුව ගව පට්ටි හිමිකරු සිදුකළ කෑගැසීමත් සමඟ සැකකරු දිව ගොස් යතුරු පැදියක නැගී පලා ගොස් ඇති බව ගව පට්ටි හිමිකරු විසින් සිදුකළ පැමිණිල්ලේ සදහන් වන අතර සැකකාර පුද්ගලයා මීට පෙරද ගව පැටවුන් සමඟ මෙලෙස ලිංගිකව එක්ව ඇති බවයි වාර්තා වේ.
සැකකාර පුද්ගලයා නරාවල පදිංචි 38 හැවිරිදි අයෙක් වන අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා අක්මීමන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.