එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට මාස 3ක පොදු සමා කාලයක්

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට මාස 3ක පොදු සමා කාලයක්
Spread the love
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින් සඳහා මාස 3ක (අගොස්තු මස 01 වැනිදා සිට ඔක්තෝම්බර් 31 දක්වා) පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. 
වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණිම සඳහා අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලයට හෝ ඩුබායි හි ඇති කොන්සල්ජනරාල් කාර්යාලයට ගොස් තාවකාලික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගත හැකි බව ද එම නිලධාරියා සඳහන් කළේය.
ශ්‍රී ලාංකිකයින් 125,000ක් පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වනවිට සේවය කරමින් සිටී.
වාර්ෂිකව එක්සත් අරාබී එමීර් රාජයේ සේවය සදහා 30,000කට ආසන්න පිරිසක් මෙරටින් පිටත්ව යන බව ද එම නිලධාරියා වැඩි දුරට ත් සඳහන් කළේය.