උසස්පෙළ උපකාරක පන්ති සහ දේශන අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

උසස්පෙළ උපකාරක පන්ති සහ දේශන අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Spread the love
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කරමිනි.
අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වන මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් 01 වෙනිදා අවසන් වේ.ඒ, සඳහා පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 321,469 කි.
මේ අතර ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ද අගෝස්තු පළමු වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළයුතු වේ.
අගෝස්තු මස 05 වැනිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 355,326කි.