දැරියක දූෂණය කළැයි සැකපිට ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා

දැරියක දූෂණය කළැයි සැකපිට ඇල්ලූ සැකකරු පොලිසියේදී වස බීලා
Spread the love

බාල වයස්‌කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස්‌ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු සිකුරාදා (28) රාත්‍රියේ වස වර්ගයක්‌ පානය කිරීම නිසා රෝගාතුරවී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

තිස්‌ දෙහැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. පුත්තලම පොලිස්‌ වසමේ සිදුකර ඇතැයි කියන අපරාධයට සම්බන්ධ සැකකරු වැලිකන්ද ප්‍රදේශයට පැමිණ සැඟවී සිටියදී වැලිකන්ද පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත ඉකුත් 28 වැනි දින අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී මෙසේ වස පානය කර තිබෙන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.

මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය නැතැයි වෛද්‍යවරු කීහ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‌සි විඡේසේන මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ අධිකාරි තිස්‌ස ලාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.