ගුරුවරු දෙදෙනා එකතු වී 16 හැවිරිදි සිසුවිය අතරවරයට ලක් කල හැටි

ගුරුවරු දෙදෙනා එකතු වී 16 හැවිරිදි සිසුවිය අතරවරයට ලක් කල හැටි
Spread the love

මීට දින කිහිපයකට පෙර නිර්ණාමික පෙත්සමක් හා අසභ්‍ය වීඩි‍යෝ පට කිහිපයක් මොණරාගල පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණි. පොලිස් අධිකාරීවරයා ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර ඒ සමඟ කාලයත් සමඟ වැළලී යන්නට තිබූ තවත් එක ඛේදවාචකයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් විය.

එසේ පොලිස් අධිකාරීවරයාට ලැබී තිබුණු ඇතැම් වීඩියෝ දර්ශන මේ වන විට අන්තර්ජාලයට පවා මුදාහැර තිබූ බව වාර්තා විය.
 
එම දර්ශනවල අඩංගු වූයේ 16 හැවිරිදි ශිෂ්‍යාවක් ටියුෂන් පන්ති ගුරුවරයෙකු විසින් ලිංගික අපයෝජනයකට ලක්කරන දර්ශනයි.
 
රජයේ පාසලක ගුරු වෘත්තියේ ද නියැලෙන එම ටියුෂන් ගුරුවරයා මෙම දැරියට හමුවන්නේ ඉතිහාසය විෂයට ඇය සහභාගි වූ උපකාරක පන්තියේදීය.
 
ඇය තමාට මුහුණ පාන්නට සිදුවූ එම අමිහිරි අත්දැකීම පිිළිබඳ පොලිසිය ඉදිරියේ පවසා තිබුණේ මෙලෙසිනි.
 
“දවසක්  සර් කිව්වා, කතාවක් කියන්න තියෙනවා හම්බෙමු කියලා. මට බැහැ කියන්න බැරි නිසා එයාගේ කාර් එකේ නැග්ගා. මාව අරන් ගියේ එයාගේ ගෙදරට. නෝනලා නැහැ පොළොන්නරුවේ ගියා කිව්වා.“
 
“ඊට පස්සේ මම ඇහුවා මොකක්ද කතාව කියලා. මගේ ළඟට ඇවිත් ඇඟපත අතගානකොට මම කිව්වා එපා කියලා. ඊට පස්සේ එයා බලහත්කාරයෙන් කාමරයට අරන් මගේ අකමැත්තෙන්ම මාව දූෂණය කළා.“
 
“ඊට පස්සේ කිව්වා නෝනා දික්කසාද කරලා ඔයා බඳිනවා කියලා. හැබැයි අවුරුදු 5 ක් විතර යයි කියලත් කිව්වා. ඊට පස්සෙත් SMS වලින් ගනුදෙනු කළා. ඒත් මාස එකහමාරක් විතර යනකොට SMS බ්ලොක් කරලා තිබුණා.“
 
“ඔහොම මම අසරණ වෙලා ඉන්නකොට ක්ලාස් එකේ ඉංජිනේරු තාක්ෂණ සර්ගෙන් කෝල් එකක් ආවා. ඉතිහාසය සර් බැඳලා, එයාට කරදර කරන්න එපා, ඒ නිසා මාව බාරගන්න කැමතියි කියලා. මම එයාව හම්බෙන්න මොණරාගල සුපර් මාකට් එකක් ළඟට ගියා.“
 
“ඊට පස්සේ එයා මාව ත්‍රීවිල් එකක දාගෙන හෝටලයකට ගිහින් ලිංගිකව හැසිරුණා. ඒ වෙලාවේ එයා සෙල්ෆි ගැහුවා. වීඩියෝ කළාදැයි කියලා මම දන්නේ නැහැ. ලිංගික හැසිරිමෙන් පසු මට රෝස පාට පෙත්තක් බොන්න දුන්නා. බය වෙන්න එපා මම ඔයාව බඳිනවා කියලා පොරොන්දු වුණා. මේ විදිහට අපි දවස් කීපයක් ඇසුරු කළා. ඊට පස්සේ ආරංචි වුණා, මාත් එක්ක ඉද්දි ගත්ත ෆොටෝ ෆේස්බුක් එකේ දාලා කියලා.“
 
ඒ අනුව අත්අඩංගුවට පත්වූ ගුරුවරුන් දෙදෙනා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.