රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නඩු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නඩු
Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත නඩු දැමීමට තමන් සූදානම් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත යොමු කර ඇති එම ලිපියෙන් කියැවෙන්නේ කරුණු කිහිපයක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2018/08/03 දින සංවිධානය කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ඔස්සේ කළ ඉල්ලීම් පිළිබදව විරුද්ධත්වයක් නොමැති නමුත් උක්ත වර්ජනය මගින් වඩාත් පීඩාවට පත්වන්නේ මෙරට අහිංසක රෝගීන් වන බැවින් ද පහවසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අගෝස්තු 5 දිනට ආසන්නව මෙසේ රෝගීන් ප‍්‍රාණ ඇපයට ගැනීම පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවද එහි සඳහන් කර තිබුණි.

1950 අංක 42 දරණ කාර්මික ආරවුල් පනතේ 32 /2* වගන්තිය අනුව අත්‍යවශ්‍ය කර්මාන්තයක හෝ සේවාවක වර්ජනයක් සිදුකරයි නම් ඊට දින 21කට පෙර සේවායෝජකයාට එ් පිළිබඳව ලිඛිතව දැනුම් දිය යුතුය.

එවැනි පසුබිමක හදිසි වැඩ වැරුමක් සිදු කිරීම සේවක විෂමාචාරයක් ලෙස සැලකිය හැකි බැවින් එම වෛද්‍ය සංගමය 2018. 08. 03 දින සංවිධානය කළ වර්ජනයට එරෙහිව මෙරට සමස්ත රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය කටයුතු කරන බව වැඩිදුරටත් එමගින් දන්වා තිබුණි.