පෙරේදා සවස 3.00 ට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අරඹන ලද හිඟන දුම්රිය වැඩවර්ජනය නිසා මහ මඟ අනාථ වූ අසරණ මිනිසුන්ගේ සාපය දුම්රිය එන්ජින් ඩ්‍රයිවර්ලා ලෙස හඳුන්වන නීච කාලකණ්ණින් පිටුපස ආත්මයක් ආත්මයක් ගාණේ ඇදී එනු ඇත්තේ එන්ජිම පිටුපස ඇදී එන කෝච්චි පෙට්ටි මෙනි.
පොදු මගී ප්‍රවාහන මාධ්‍යයක් වන දුම්රියේ යන මිලියන කිහිපයක් වූ මගී ජනයාගෙන් සියයට හැත්තෑ පහකටත් වඩා සීසන්කාරයෝ ය. මිනිසුන් දුම්රිය සීසන් ගන්නේ ඒවා ලංගම බස් සීසන් ටිකට්වලට වඩා මිලෙන් ්අඩු නිසාය. මේ සීසන් ටිකට්පත මිනිසුන්ගේ දුප්පත්කමේ සලකුණකි. දුම්රිය එන්ජින් ඩ්‍රයිවර්ලා විසින් මේ දුප්පත් සලකුණට පයින් ගසන ලද්දේ රේල් පාරටම වැටෙන්නටය. ලංකා ඉතිහාසය විසින් පහල කරන ලද තඹ සල්ලි භාගයක් තරම්වත් නොවටිනා, මස් බරට පමණක් වටිනා ප්‍රවාහන ඇමැතිතුමකු මේ මොහොතේදී අපට සිටී. ඔහු නිමල් සිරිපාල ද සිල්වාය. ඔහු ප්‍රවාහන ඇමැති බවට පත්වීමෙන් පසු දුම්රිය ස්ට්‍රයික් කිහිපයක් සිදු වූ නමුදු ඒවා සමථයට පත් කරනු තබා එසේ කිරීමට කල්පනා කරනු පිණිසවත් මොළයක් ඔහුට නොවීය. පෙරේදා පටන්ගත් වර්ජනයේ අරමුණ එන්ජින් ඩ්රයිවර්ලාගේ වැටුප් විෂමතා නැති කර ගැනීමය. ඒ නිමිත්තෙන් මේ වර්ජනය සූදානම් කර තිබුණේ මෙයට සතියකට පමණ පෙරය. ඒ වෙලාවේදී රේල් පාර දිගේ පයින් ගොස් (රේල් පාරේ පයින් යෑම තහනම්ය* දුම්රිය වෘත්තීය සමිති නායකයන් හමු වූ රාජිත සේනාරත්න සහ සරත් අමුණුගම පොරොන්දු ගෝනියක් බිමට හලා එන්ජින් ඩ්රයිවර්ලාගේ වැටුප් විෂමතා නැති කරන බවට සහතික කළහ. එකල්හි දුම්රිය වෘත්තීය සමිති තාවකාලිකව වර්ජනය රිවස් කරගත්හ. පසුව පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී එන්ජින් ඩ්රයිවර්ලාගේ වැටුප් වැඩි කළ යුතු බව රාජිතලා යෝජනා කළහ. එහිදී බලවත් සේ කෝපයට පත් මුදල් ඇමැති මංගල සමරවීර ‘‘තොපිට දේශපාලනය කරන්න මම මොකටද ආණ්ඩුවේ සල්ලි දෙන්නෙ’’ යනාදී වශයෙන් කල්පනා කළ නිසා, දෝ වැටුප් වර්ධක යෝජනාව ගෙනා සියලූ දෙනාගේ ඇඟට ගොඩ වී එය ප්‍රතික්ෂේප කළේය.
රාජිත එම ඇඟට ගොඩවීම තඹ සල්ලියකට ගණන් ගත් බවක් පෙනුනේ නැත. වැටුප් වර්ධක නොලැබුණොත් එන්ජින් ඩ්‍රයිවර්ලා ස්ට්‍රයික් කරන බව ඔහු ස්ථිර වශයෙන්ම පහදා දුන්නේය. ඉන්පසු ඔහු නිහඬ වූයේ මංගලගේ හිතුවක්කාරකමට පාඩමක් උගැන්වීම සඳහා විය යුතුය. එය එසේම සිදුවිය.
ශ්‍රී ලංකාවේ ජනයාගෙන් වැඩි දෙනා දවසකට උපයන උපරිම ආදායම් සාමාන්‍යය රුපියල් 800 කි. මාසයකට රුපියල් 24,000 ක ආදායමක් ලබා පවුල් නඩත්තු කරන ජනයා ද මේ රටේ සිටින බව එමඟින් ඒත්තු ගැන්වෙයි. සමහර විට මේ පවුලක දරුවන් තුන්දෙනෙක් ඉන්නටත් පුළුවන. දරුවන් පස් දෙනෙක් ඉන්නටත් පුළුවන. පවුලේ දෛනික වියදම් කර අවසන් වන විට ගෙදර මහ මිනිහාට වැඩට යෑමට සල්ලි නැත. එතැනදී හැමදාමත් පිහිටට ආවේ අඩු මිල දුම්රිය සීසන් පතය. මාතරටත් එහා සිට, නුවරටත් එහා සිට කොළඹ කන්තෝරුවල වැඩට එන ජනයා ඕනෑ තරම් සිටිති. මහ පාන්දර බිරිඳ විසින් උයන ලද බත් පාර්සලය බැඳගෙන එය ලෙලි ගිය හම් බෑග් එකේ පතුලේ තැන්පත් කර පාන්දර හතරට ගෙදරින් නික්මී පැයක් පමණ පයින් ගොස් ස්ටේෂමට පැමිණ කොළඹ එන රජයේ සේවකයෝ ඕනෑ තරම් සිටිති. ඒ මිනිසුන්ගේ සන්තකයේ ඇති වටිනා දේවල් දෙකක් තිබේ. එකක් අර බත් පාර්සලයයි, අනෙක දුම්රිය සීසන් ටිකට් එකයි. ඔවුන්ගේ හම් බෑග් එක සුදුසු වන්නේ මදුරුවන් වැඩිපුර සිටින දවස්වල දුම් ගැසීම පිණිස ගිනි තැබීමට පමණි. මේ මිනිසුන්ගේ අතේ තුට්ටුවක් නැත. කලිසම් සාක්කු දෙකෙන් එකක ලේන්සුවක් තිබේ. අනෙක් සාක්කුවේ ලොකු හිලක් තිබේ. ෂර්ට් සාක්කුවේ ඇත්තේ ජාතික හැඳුනුම්පත සහ දුම්රිය සීසන් ටිකට් එක පමණි. මේ මිනිස්සු පික් පොකට්කාරයන්ගේ නිරන්තර ද්වේෂයට ලක් වෙති. ඔවුන්ගේ කලිසම් සාක්කුවලට බැස්සොත් පික්පොකට්කරුට ලබාගත හැක්කේ දැලක් බඳු පරණ ලේන්සු කබල පමණි.
පෙරේදා සවස නීච දුම්රිය එන්ජින් ඩ්‍රයිවර්ලා සිය හදිසි ත්‍රස්ත ප්‍රහාරය මඟින් විනාශයට පත් කළේ මේ අසරණ මිනිසුන්ය. මේ පුවත්පත වැඩවර්ජනවලට කවදත් විරුද්ධය. කම්කරු අරගලවලට හැමදාමත් පක්ෂය. එහෙත් ත්‍රස්ත ප්‍රහාර ලෙස එන කම්කරු අරගලවලට හැමදාමත් විරුද්ධය. පෙරේදා සවස 3.00 ට පටන් ගත් දුම්රිය වර්ජනයේදී ආණ්ඩුව කළ යුතුව තිබුණේ එන්ජින් ඩ්රයිවර්ලාගේ බෙල්ලෙන් අල්ලා එළියට දමා යුද හමුදාව ලවා දුම්රිය දිවවීමය. මෙය ප්රභාකරන් කොළඹට ගැහුවාක් වැනි වැඩකි.
කෝච්චියක එන්ජින් ඩ්‍රයිවර් කෙනකු ගන්නා පඩියත්, ගුවන් යානයක නියමුවකු ගන්නා පඩියත් අතර වැඩි වෙනසක් අපට නොපෙනේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 12 වැනිදා එවකට නියෝජ්‍ය ප්‍රවාහන ඇමැතිව සිටි අශෝක අබේසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දුන් පරිදි එන්ජින් ඩ්‍රයිවර් කෙනකු රුපියල් දෙලක්ෂ විසි හය දහස දකවා වූ වැටුපක් උපයති. ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 54,000 කට කිට්ටු බවත් ඔවුන් ඕ. ටී. වලින් මාසයකට උපයන මුදල රුපියල් 180,000 ක් වන බවත් ඔවුන් පැය 8 ක් එක දිගට වැඩ කළ විට පැය 9 ක විවේකයක් ලබන බවත් අශෝක අබේසිංහ තවදුරටත් කීවේය. දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සදාකාලිකව ධගඔග ඇත. ඒවායේ වැඩියක් මිස අඩුවක් නැත. එබැවින් රුපියල් 800 ක දෛනික පඩියක් ගන්නා දුප්පත් මිනිසුන්ට පයින් ගැසූ එන්ජින් ඩ්රයිවර්ලාට පොල්පිතිවලින් ගැසිය යුතුය. ඊට අමතරව ගිගිරුම් සහිත වැසි දිනවල පාරේ ගමන් කරන්නේ නම් අකුණු සන්නායකයක් අතින් ගෙන ගමන් කිරීමය එන්ජින් ඩ්රයිවර්ලාට වඩාත් සුදුසු.
– පුවත්පත් උපුටනයකි
