යාපනයේ විවිධ නම් වලින් පෙනී සිටිමින් නීතිය හා සාමය බිඳ දැමීමට කටයුතු කරන කඩුවලින් සන්නද්ධ කල්ලිවල සාමාජිකයෝ අත්අඩංගුවට ගැනීම සඳහා යාපනයේ ජනතාවට පොලීසියට සහය වීම සඳහා විශේෂ වූ හදීසි ඇමතුම් අංකයක් ලබා දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ දිනවල යාපනය පොලීසිය විසින් ආරම්භ කර තිබේ.
එම දුරකතන අංකය 076-6093030 වන අතර මේ දිනවල යාපනයේ වීදිවල ඇවිදින උසස් පොලිස් නිලධාරීන් මේ දුරකතන අංකය සහිතව විස්තර ඇතුළත් පත්‍රිකාවක් ජනතාවට බෙදමින් ඔවුන්ගේ සහයෝගය තව දුරටත් ඉල්ලා සිටියි.
යාපනයේ ක්‍රියාත්මක කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා මහජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබෙන බව පවසන පොලීසිය මහජනතාව විසින් ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම පිණිසත් එම තොරතුරු ඉතා කඩිනමින් ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
ඒ වෙනුවෙන් යාපනයේ උසස්ම පොලිස් නිලධාරියාගේ සිට පහත්ම නිලධාරියා දක්වා වූ පිරිස මේ දිනවල යාපනයේ පාරට බැස තිබේ.
දැඩි ආරක්ෂක පියවරක් යාපනයේ අනුගමනය කර ඇති අතර පොලීසියේ වාහන නිරන්තරයෙන්ම යාපනය පුරා සෝදිසි මෙහෙයුම්වල නිරත කර තිබේ.
උසස්ම පොලිස් නිලධාරීන් යාපනයේ වීදිවල ඇවිදිමින් ජනතාව දැනුවත් කරමින් කියා සිටින්නේ කල්ලිවලට හෝ ඔවුන්ගේ සාමාජිකයින්ට කිසි විටකත් උදව් නොකරන ලෙසත් ඔවුන් තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටින විට ඒ පිළිබදව පොලීසිය දැනුවත් කරන මෙන් යාපනයේ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා ඇත.
එම නිලධාරීන් මහජනතාවගෙන් එම ඉල්ලීම කරනු ලබන්නේ ඔවුන් ළගටම ගොස් බැවින් යාපනයේ ජනතාවට පොලීසිය කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇත.
යාපනයේ උසස් පොලිස් නිලධාරීන් සියළුම දෙනා කියා සිටින්නේ මේ වනවිට යාපනයේ කල්ලිකරුවන් විසින් ඇති කර තිබූ භීෂණකාරී තත්ත්වය මේ වන විට වැඩි ප්‍රමාණයකින් සමතයකට පත්කර ඇති බවයි.

