දින දෙකක් කෙරුණු වැඩවර්ජනය අවසන් කර පෞද්ගලික බස්රථවල සේවකයන් ඊයේ (17) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමට පටන්ගත් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසයි. එහෙත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් මාර්ගයේ හදුනාගත නොහැකි බවයි ක්ෂේත්‍ර චාරිකාවන්හි යෙදුණු වාර්තාකරුවන් පැවසන අතර බස්රථවල සේවකයන් අකුරට වැඩකිරීම යනු කුමක් දැයි මගීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇත.
ඒ අනුව මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය සිදුවන්නේ කෙසේ දැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමයෙන්ද විමසා සිටි අතර එහි ප්‍රධාන සංවිධායක යූ කේ කුමාරරත්න රේණුක පැවසුවේ බස්රථවල සේවකයන්ට පවා ඒ පිළිබද පැහැදිලි වැටහීමක් නොමැති බවයි.
මෙහිදී ප්‍රකාශ කෙරුණු සියළු කරුණු වෙනත් පාර්ශවයක් විසින් ඉටුකළ යුතු ඒවායි. එහෙත් අකුරට වැඩ කිරීමකදී එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එළඹෙන අය විසින් ඉටුකරන දේ ද තිබෙනවා. බස් රථ සේවකයන් එලෙස කරන්නේ මොනවා දැයි මෙහිදි වැඩිදුරටත් ප්‍රශ්න කල අතර ඊට පිළිතුරු දෙමින් යූ කේ කුමාරරත්න රේණුක පැවසුවේ ලොග් පත්‍රවල සටහන් තැබීම සහ නිල ඇදුමක් ලබාදී ඇත්නම් එය අනිවාර්යයෙන් ඇද සිටීම වැනි කරුණු බස් රථ සේවකයන් විසින් සිදුකරන බවයි.
කෙසේවෙතත් රටපුරා බස් ධාවනය මේ දක්වා සාමාන්‍ය පරිදි සිදුවන බව නිරීක්ෂණය විය.
ඒ අනුව සලකා බලන වාට මෙසේ බස් රථ අකුරට වැඩ කිරීම හෙඳ වඩක් ලෙස සැල කිය හැක.
