උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 37ක් වසා තැබේ

උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 37ක් වසා තැබේ
Spread the love
අපොස උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 37ක් ලබන 23වනදා සිට සැප්තැම්බර් 05වනදා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 03වන පාසල් වාරය වෙනුවෙන් මෙම පාසල් සැප්තැම්බර් 06වනදා විවෘත කරන බවයි. සෙසු පාසල් 03වන වාරය සඳහා විවෘත කරන්නේ සැප්තැම්බර් 03වනදායි.