1 වැනිදා සිට දුම්රිය ගාස්තු 15%කින් වැඩිවේ

1 වැනිදා සිට දුම්රිය ගාස්තු 15%කින් වැඩිවේ
Spread the love

ඔක්තෝබර් 01 වැනිදා සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩිවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික‍්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (19 වැනිදා* පැවසීය.

ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිදුවන පාඩුව වළක්වා ගැනීමට මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව කී ඒ මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපයේදී ප‍්‍රකාශයට පත්කරන බවද සඳහන් කළේය.

මීට පෙර දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුව ඇත්තේ 2008 වසරේදී බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.